හොංකොං ප්‍රාදේශීය මැතිවරණය ඇරැඹේ



හොංකොං ප්‍රදේශීය මැතිවරණය අද (24) ආරම්භ වෙයි. හොංකොං පාලක මණ්ඩලයට එරෙහිව විරෝධතා සංවිධානය කරන ‘ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය’ හොංකොං වැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඡන්ද පොළට ගොස්, චීනයේ බලපෑමට යටත් වුණු හොංකොං පාලකයන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙසය.

හොංකොං යනු චීනයට අයත් ස්වං පාලනයක් සහිත බලප්‍රදේශයකි. හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය යනු හොංකොං හි වෙසෙන චීන විරෝධී වැසියන් නියෝජනය කරන දේශපාලන කණ්ඩායමය. හොංකොං හි විරෝධතා සංවිධානය කරන්නේ ද මෙම කණ්ඩායමය.

පසුගිය මාස පහක කාලය තිස්සේ පටන් හොංකොං හි විරෝධතා පැවැත්වෙයි. ඒ, හොංකොං පාලිකා කැරී ලෑම් ට එරෙහිවය. විරෝධතා ඇරැඹුණේ කැරී ලෑම්ගේ චීන හිතවාදී ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි.

හොංකොං හි ප්‍රාන්ත සභා සඳහා නියෝජිතයන් 400 දෙනකු පත් කර ගැනීමේ අරමුණ ඇතිව අද (24) මැතිවරණය පැවැත්වෙයි. ඒ, විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යටතේය.

හොංකොංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS