හෙලිකොප්ටරයෙන් ගිය බ්‍රිතාන්‍ය අගමැතිට දොස්



පැයක දුරක් සඳහා ජනතා බදු මුදල් භාවිතයට ගනිමින් හෙලිකොප්ටරයකින් ගමන් කළේ යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට චෝදනා එල්ල වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා හෙලිකොප්ටරයෙන් ගමන් කර ඇත්තේ ලන්ඩනයේ සිට සවුත්හැම්ටන් දක්වාය. දුම්රියෙන් ගමන් කළේ නම් එය පැයක දුරක් බව ද පැවැසෙයි.

අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සවුත්හැම්ටන් බලා ගොස් ඇත්තේ ඔහු හඳුන්වා දුන් නව සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට සහභාගී වීමේ අරමුණින්ය.

(රොයිටර්)


RECOMMEND POSTS