හිරු එළිය නැතිවිට ඩුබායි මුහුදේ පිහිනන්න එපාලු



(විනීතා එම්.ගමගේ)

 

හිරු එළිය නැති අවස්ථාවලදී ඩුබායි හි වෙරළාසන්න මුහුදේ පිහිනීමෙන් වළකින්නැයි ඩුබායි නගර සභා පරිපාලනය මහජනතාව ගෙන් ඉල්ලීමක් කර ඇත.

හිරු බැස ගිය පසු වෙරළාසන්න මුහුදේ පිහිනීමට යාමෙන් අනතුරුවලට මුහුණ දීමට ඇති ඉඩ කඩ වැඩි බව නගර පරිපාලනය පෙන්වා දෙන බවද ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය පවසයි..

විවෘත වෙරළේ විනෝදවන්නන්ට නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවේද මේ පිළීබඳව විශේෂයෙන් සඳහන් කර ඇතැයි ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය සඳහන් කරයි.

එමෙන්ම ගල් පර ඇති ප්‍රදේශවල හා අනාරක්ෂිත ප්‍රදේශවල පිහිනීමට යාමෙන් වලකින ලෙසද වෙරළේ විනෝදවන්නන්ගෙන් නගර සභාව ඉල්ලා සිටින බවද එම වෙබ් අඩවියේ සඳහන් වෙයි.

පිහිනීමට සුදුසු ප්‍රදේශ බෝයා සහ කඹ මඟින් සළකුණු කොට ඇති බැවින් පහසුවෙන් එම ඉසව් සොයා ගත හැකි බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. 


RECOMMEND POSTS