හිටපු ජනපති නෂීඞ් කතානායක ධුරයට

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමද් නෂීඞ් එරට කතා නායක ධුරයට පත් විය.
හිටපු ජනාධිපති මොහොමද් නෂීඞ් කතා නායක ධුරයට සුදුසු යැයි එරට පාර්ලිමේන්තුව (මජිලිස් මන්ත්රණ සභාව) ඒකමතිකව තීරණය කළ අතර නෂීඞ් කතා නායක ධුරයේ දිවුරුම් දීම සිදුවිය. මාලදිවයින පාර්ලිමේන්තුවේ බලය ඇත්තේ නෂීඞ්ගේ ‘ප්රජාතන්ත්රවාදී පක්ෂය’ සතුවය.
පසුගිය අප්රේල්ප මාසයේ පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ද ප්රජාතන්ත්රවාදී පක්ෂය සමත් විය. මාලදිවයින ජනපති ධුරයේ කටයුතු කරන්නේ නෂීඞ්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ මොහොද් සෝලීය.
මාලේහිදීය (රොයිටර්ස්)

