හිටපු ඊජිප්තු ජනාධිපති සෞදි වන්දනාවක



බලයෙන් පහකරන ලද හිටපු ඊජිප්තු ජනාධිපති, හොස්නි මුබාරක් සෞදි වන්දනා චාරිකාවක් යෑමට සැලසුම් කර ඇති බව මුබාරක් ජනාධිපතිවරයාට සමීපතම ආරංචි මාර්ග සදහන් කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඔහු සෞදියේ රැදීසිටින කාලය තුලදී අවශ්‍ය සියළුම පහසුකම් ලබාදීම සදහා සෞදි බලධාරීන් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපති මුබාරක්ගේ පුතුන් දෙදෙනෙකු වන අලා සහ ජෙමාල් අදාල චාරිකාව සම්බන්ධව සෞදි බලධාරීන් සමග සාකච්ඡාකර ඇත.

චාරිකව සිදුකරන දිනයන් පිළිබදව වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ නැත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS