හිටපු ඇමති බිරිඳට වෙඩි තියලා



හිටපු ඇල්ජිරියානු ආගමික කටයුතු අමාත්‍ය, අබ්දෙල්හෆිඩ් අමොක්‍රන් ඔහු සතුව තිබු තුවක්කුවෙන් බිරිඳට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

වෙඩි තැබීම බටහිර ඇල්ජීරියාවේ පිහිටි සෙරෙල්ඩා නගරයේදි සිදුවී ඇති අතර පවුලේ සාමාජිකයින් තැතිගැම්මකට ලක්වී ඇති බව විශ්වාසදායි අරංචි මාර්ග සඳහන් කරයි.  

හිටපු අමාත්‍යවරයා වෙඩි පහරවල් තුනක් බිරිඳට එල්ල කර ඇති අතර වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල ඇගේ ජීවිතය අහිමි කිරීමට තරම් දරුණු තුවාල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.  

ආරක්ෂක අංශ පැමිණ හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත් අතර ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදි ගැනීමට නියමිතව ඇත. 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS