හිටපු අගමැති මොරිසන් ගැන විමර්ශනයක්



‘කොවිඩ් 19’ වසංගත සමයේ,  අමත්‍යාංශ ධුර කීපයක් රහසේ බාර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී විමර්ශනයක් ආරම්භ කරන බව වත්මන් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසයි

එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන හිටපු අග්‍රාමාත්‍ය මොරිසන් පවසා ඇත්තේ, තමන් කිසිදු ආකාරයේ නීති විරෝධී ක්‍රියාවක් සිදු කර නොමැති බවත්, අමත්‍යාංශ සඳහා නිලධාරීන් පත් කළේ අදාල ක්‍රියාපටියට අනුව බවත්ය. කෙසේ නමුත් මොරිසන් එම ධුර බාරගෙන ඇත්තේ කැබිනට් අමතයාංශවලට ඒ බව කිසිවක් නොදන්වා යැයි පැවැසෙයි.

එම අමත්‍යාංශ වන්නේ ස්වදේශ කටයුතු, භාණ්ඩාගාර සහ මුදල් ය.

(බීබීසී)


RECOMMEND POSTS