හිටපු අගමැති නවාස් ෂරීෆ්ගෙන් චෝදනා
ඉන්දියාව හඳට රොකට් යවද්දී, ආර්ථික අර්බුදයට මුහුණ දෙන පාකිස්තානය ලෝකය වටේ හිඟාකන බව එරට හිටපු අග්රාමාත්ය නවාස් ෆරීෆ් පවසයි.
පාකිස්තානය ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ 2017 වසරේ සිටි හමුදා ජනරාල්වරුන් සහ අධිකරණ විනිසුරුවරුන් නිසා යැයි හිටපු අග්රාමාත්ය නවාස් ෆරීෆ් පැඑැදිලි කර තිබේ.
නවාස් ෂරීෆ්ට අග්රාමාත්ය ධුරය අහිමි වූයේ 2017වසරේදීය. නවාස් ෂරිෆ් නියෝජනය කරන්නේ, ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි.
‘ඉන්දියාව හඳට රොකට් යවනවා. ලෝකයේ ප්රබල නායකයන් සහභාගී කර ගනිමින් ජී20 සමුළුවක් සාර්ථකව පැවැත්වූවා. ඒත් පාකිස්තානයට මොකද වුණේ? ඇයි අපට ඉන්දියාව වගේ ජයග්රහණ අත්පත් කරගන්න බැරි?’ යැයි නවාසි ෂරීෆ් පැවැසුවේ, ලන්ඩන් නුවර සිට වීඩියෝ තාක්ෂණ ඔස්සේ, ලාහෝර් නුවර දේශපාලන රැලියකට සම්බන්ධ වෙමිනි. පාකිස්තානයෙන් පිටවී, හිටපු අග්රාමාත්ය නවාස් ෂරීෆ් ජීවත් වන්නේ ලන්ඩන් නුවරය.
‘අතල් බිහාරි වජ්පායි ඉන්දියාවේ අග්රාමාත්ය ධුරයට පත් වෙද්දී, එරට විදේශ සංචිතවල තිබුණේ ඩොලර් බිලියනයක් පමණයි. ඒත් අද එම මුදල ඩොලර් බිලියන 600 ක් තෙක් වැඩිවෙලා.’ යැයි ද නවාස් ෆ්රීෆ් වැඩිදුරටත් පෙන්වා දී ඇත.