හිජාබයක් පැලඳි සිසුවියට ප්‍රහාරයක්



ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ විදුහලක හිජාබයකින් සැරැසුණු සිසුවියකට හින්දු අන්තවාදීන් පිරිසක් පහර දෙන අයුරු දැක්නවන වීඩියෝ දසුන් පෙළක් ට්විටර් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධයට පත්වීමත් සමග මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.

පහර දීමට ලක් වූයේ මුෂ්කාන් ඛාන් නමැති සිසුවිය බව පැවැසෙයි. ඇය මන්ද්‍යා විදුහලේ අධ්‍යාපනය ලබන මුස්ලිම් ශිෂ්‍යාවකි.

මේ අතර ඉන්දියාවේ හින්දු අන්තවාදී කණ්ඩායම්වලින් හරට මුස්ලිම් සිසුවියන්ට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් නවදිල්ලි අගනුවර මුස්ලිම් තරුණියන් විරෝධතාවක් ද පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS