හැරී මේගන් මොරොක්කෝවේ



බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකෙල් මොරොක්කෝවේ සංචාරයකට පැමිණ සිටිති.

කැසබලැන්කා නුවරට පැමිණි කුමරුන්ට සහ සසෙක්ස් ආදිපාදවරියට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. යුවල පැමිණියේ නියමිත වේලාවට වඩා පැය දෙකක ප‍්‍රමාදයකින් පසුව යැයි ද පැවැසෙයි.

කැසබලැන්කා ගුවන් තොටුපොළේ දී යුවල පිළිගැනීම සිදුවූයේ මොරොක්කෝවේ බි‍්‍රතාන්‍ය තානාපති තෝමස් රෙයිලී සහ බිරිඳ ඇලික්ස් විසිනි. රාජනීය යුවල මොරොක්කෝ රජ මාලිගාවට රැගෙන යෑම සිදුවූයේ 15 හැවිරිදි මොරොක්කෝ ඔටුන්න හිමි කුමරුන් වන මොවුලේ හසාන් විසිනි.

බි‍්‍රතාන්‍ය රාජකීය යුවල මොරොක්කෝවේ 6 වැනි මොහොමඞ් රජුගේ විශේෂ අමුත්තන් ලෙස මොරොක්කෝ රජ මාලිගයේ රැඳී සිටිනු ඇත. සසෙක්ස් ආදිපාදවරිය හෙවත් 37 හැවිරිදි මේගන් මාකෙල් සත් මසක ගැබිනියකි.

(ද සන් ඇසුරිනි)


RECOMMEND POSTS