හැමෝටම එන්නත් දෙනවා

නවසීලන්තයේ හැමෝටම ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදෙන බව එරට අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසා තිබේ.
ලෝකයේ ‘කොවිඩ් 19’ වයිරසය සාර්ථකව පාලනය කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසැසුමට ලක් වී ඇත්තේ නවසීලන්තයයි. විටින් විට වෙලිංටන් සහ ඕක්ලන්ඩ් නගරවලින් ආසාදිතයන් වාර්තා වන අතර, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට නගර ලොක්ඩවුන් කිරීම සිදුවෙයි.
නවසීලන්ත වැසියන්ට ලබා දීම සිදු කරන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවා ඇති එන්නතය. සියයට 95 ක් සාර්ථක මෙම එන්නත මාත්‍රා දෙකකින් සමන්විත අතර, ගබඩා කර තබා ගැනීමට අධිශීතකරණ අවශ්‍ය වෙයි.
ඉදිරියේදී එන්නත් මාත්‍රා මිලියන 8.5 ක් මිලදී ගැනීමට, එන්නත් නිෂ්පාදන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පවසා තිබේ.
නවසීලන්තයේ එන්නත්කරණ වැඩසටහන අදියර කීපයක් යටතේ මේ වනවිට ආරම්භ වී ඇත. පළමුවෙන් එන්නත ලැබෙන්නේ සෞඛ්‍ය අංශ සාමාජිකයන්ට සහ අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ටය.
‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැලැක්වීමට මෙතෙක් නිපදවා ඇති කිසිදු එන්නතක් අවුරුදු 18 ට අඩු කිසිවකුට ලබා දෙන්නේ නැත.
එසේ ලබා දීමට අනුමැතිය සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් විගස, අවුරුදු 18 ට අඩු සියලු දෙනාට එන්නත් කිරීමට තම රජය සහ සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබේ.
වෙලිංටන් නුවරදීය (ඒ.එෆ්.පී.)

