හයිටි මන්ත්‍රීවරයෙක් පිස්තෝලයක් අරන් යකා නටයි



හයිටි රාජ්‍යයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ දෙදෙනාගෙන් අයකු ඡායාරූප මාධ්‍යවේදියෙකි.

පිස්තෝලයක් අතැතිව යකා නටමින් වෙඩි තැබීම් කළේ හයිටි සෙනෙට් මන්ත්‍රී වරයා ජෝව් මාරි රැල්ප් ෆැතියේ ය. එම අවස්ථාවේ රජයට විරෝධය දක්වමින් විරෝධතා රැලියක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වුණු අතර, කලහ කරමින් විරෝධතානරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලෙන් ඇතුළුවීමට උත්සාහ දරා ඇත.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිටත සිටි සෙනෙට් මන්ත්‍රීවරයා ඉනේ තිබූ පිස්තෝලය අතට ගෙන විරෝධතාකරුවන් දෙසට එල්ල කර වෙඩි තැබුවේ එම අවස්ථාවේදීය.

විරෝධතාකරුවන්ගෙන් තමන්ට අනතුරක් වේවි යැයි බියක් හටගත් නිසා වෙඩි තැබූ බව ඔහු පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේය.

වෙඩි ප්‍රහාරයට ලක් වූයේ ඇමෙරිකාවේ ඇසෝසියේටඞ් ප්‍රෙස් මාධ්‍ය ආයතනට සම්බන්ධ ඡායාරූප මාධ්‍යවේදියකු සෙනෙට් මන්ත්‍රීවරයා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඡායාරූප මාධ්‍යවේදියාගේ නිකට තුවාල විය. ඔහු කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් පැවැසෙයි. වෙඩි ප්‍රහාරයට ලක් වුණු අනෙක් තැනැත්තා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බව ද පැවැසෙයි. ඔහු ද කඩිනමින් රෝහල් ගත කෙරුණි. තමන් කළ වෙඩි පහරින් ඡායාරූප මාධ්‍යවේදියකුට තුවාල සිදුවුණු බව තමන් දැන ගත්තේ පසුව යැයි ද සෙනෙට් මන්ත්‍රීවරයා පැවැසීය.

පෝට් ඕ ප්‍රින්ස් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS