හමුවුණේ එක් ආසාදිතයයි: බි‍්‍රස්බේන් ලොක්ඩවුන්



හෝටලයක පිරිසුදු කිරීමේ සේවිකාවක ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ,  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර, සති තුනක කාලයක් සඳහා වසා දැමුණි.

එම සේවිකාවගෙන් හමුවී ඇත්තේ, එංගලන්තයෙන් පළමු වරට හඳුනාගෙන, අද වනවිට ලෝකයේ රටවල් කීපයකට පැතිර ගිය ‘කොවිඞ් 19’ වයිරස ප‍්‍රභේදය යැයි පැවැසෙයි.

මෙම නව ප‍්‍රභේදය සාමාන්‍ය ‘කොවිඞ් 19’ වයිරසය මෙන් නොව, සියයට 70 ක සම්පේ‍්‍රෂණ වේගයකින් යුක්ත බව තහවුරු වී තිබේ. එයින් අදහස් වන්නේ වයිරස ඉතාමත් වේගයෙන් පැතිර යන බවය.

බි‍්‍රස්බේන් අයත් වන්නේ  ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයටය. ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරිය ඇනෙස්ටාසිටා පැලස්සුක්, බි‍්‍රස්බේන් නුවර සති 3 ක කාලයකට ලොක්ඩවුන් කරන බව නිවේදනය කළේ පිරිසුදු කිරීමේ සේවිකාව කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී පැය 16 ක් ගතවෙද්දීය.

බි‍්‍රස්බේන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS