හමුවීම ප්‍රතික්ෂේප කරයි



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානමින් සිටියත්, යුක්රේනය සහ ක්‍රිමියාව මුල්කොට ගනිමින් හටගෙන ඇති නව අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, තමන් පුටින් හමුනොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආජන්ටිනාවේ බුවර්නෝස් අයර් නුවරට පැමිණ සිටිති. ඒ, ඇරැඹුණු ‘ජී20’ සමුළුව සඳහාය.

‘ජී20’ සමුළුවට සමගාමීව තමන් රුසියානු ජනාධිපතිවරයා හමුවීමට කැමැත්තෙන් පසුවුණැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS