හඳේ අඳුරු පැත්තට යයි

රොබෝ ගවේෂණ යානයක් සඳට යවා එය සඳේ අඳුරු පැත්තේ පතිත කිරීමට චීනය සමත් විය.
චීනය සඳේ අඳුරු පැත්තට යානයක් යවා පතිත කළ පළමු අවස්ථාව මෙයයි. චීනය යැවූ මෙම චන්ද්‍ර ගවේෂණ යානය චැංග් ඊ 4 යන නමින් නම් කර ඇත.
යානය, බීජීං නුවර වේලාවෙන් 10.26 ට සඳේ අඳුරු පැත්තේ, දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ අයිට්කින් ද්‍රෝණියට පතිත කිරීමට සමත් වුණු බව චීන පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර ඇත.
(අල් ජසීරා)

