හටගත් අර්බුදය දුරදිග යන්න දෙන්නේ නෑ

ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයට එල්ල කළ ප්‍රහාරයත්, පාකිස්තාන ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පහර දී බිම හෙලීමත් සමඟ හටගත් අර්බුදය දුරදිග යෑමට ඉඩ නොදෙන බව ඉන්දියාවත් පාකිස්තානයත් අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, හටගත් අර්බුදය හොඳ සිහි කල්පනාවෙන් යුතුව, සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම කළ යුතු බවය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ හටගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩක් ලබා නොදෙන බවය.
හටගත් අර්බුදය තවත් දුරදිග යෑමට ඉඩ නොදී සමතයකට පත් කර ගැනීමට ඉන්දියාව සහ පාකිස්තානය ගත් තීරණය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පැසැසුමට ලක් වී ඇත. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කියා සිටියේ ඉන්දියාව සහ පාකිස්තානය ගත් එම තීරණය කලාපීය සාමය වෙනුවෙන් ඉතා වැදගත් බවය.
නවදිල්ලියේදීය (රොයිටර්ස්)

