සෞදි රෝහල් වර්ජනය දිගටම

සෞදියේ කොබාර් හි ‘සාද්’ විශේෂඥ රෝහලේ සේවකයන් විසින් ආරම්භ කළ වැඩ වර්ජනයට දින පහක් ගත වී ඇතැයි ‘මිඞ්ලි ඊස්ට් අයි’ පුවත් සේවය වාර්තා කරයි.
‘සාද්’ විශේෂඥ රෝහලේ සේවය කරන සේවක සේවිකාවන්ගේ ගණන 1,200 ට වැඩිය. මෙම සේවකයන් අතර සෞදි ජාතිකයෝ ද වෙති. මොවුන් වැඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් ඉල්ලමිනි.
රෝහලේ සේවකයන් පවසන්නේ පසුගිය මැයි මාසයේ සිට ඔවුන්ට වැටුප් ලබා දී නොමැති බවය. මේ සම්බන්ධයෙන් රෝහලේ සේවය කරන බි්රතාන්ය වෛද්‍යවරුන් පවසන්නේ සෞදි රජය ඔවුන්ගේ වැසියන්ට මෙසේ වැටුප් ලබා දී නොසිටීම විශ්වාස කළ නොහැකි කරුණක් කියාය.

