සෞදි මුද්‍රණ සංකීර්ණයේ 1300කගේ වැඩ නවති.

සෞදි අරාබියේ මදීනාහි කිංග් ෆාද් කුර් ආන් මුද්‍රණ පසංකීර්ණයේ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටි 1300 දෙනෙකුගේ සේවය නතර කරන ලද බව ඉකුත් අඟහරුවාදා(27) දැනුම් දී ඇත.
මාස ගණනාවක සිට නොලැබුනු වැටුප් හා දීමනා ලබා ගැනීම සඳහා සටන් කරමින් සිටි බොහෝ සේවකයෝ මෙම වැඩ නතර කිරීමේ දැනුම් දිම නිසා පුද්මයට හා කම්පනයට පත්වුහ.
මේ අතර බොහෝ සේවක පිරිස් තම අයිතිවාසිකම් රැක ගැනිම සඳහා නීතිඥයන්ගේ ආධාර සොයා ගොස් ඇත. කොන්ත්‍රත් පදනමේ කොන්දේසි ඉටු නොකිරිම සම්බන්ධයෙන් ඔවුහු මුද්‍රණ සමාගමට චෝදනා කරති.
තම සේවය ඉස්ලාමිය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට අනුයුක්ත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

