සෞදි අරාබියේ රෝහලක ගින්නක්



 

සෞදි අරාබියේ අල්-ටයිෆ් නගරයේ පිහිටා ඇති කිංග් ෆයිසල් රෝහලේ ගින්නක් හටගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

රෝහලේ ඇතිවී ඇති හදිසි තත්වය පහව යන තෙක් රෝහල් හදිසි සෞඛ්‍ය සේවා අංශ මගින් රෝහලේ සිටි නේවාසික රෝගින් හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් රෝහලෙන් ඉවත් කර ආසන්නයේ ඇති වෙනත් රෝහල් වලට මාරුකර යවා ඇත.  
මෙම ගිනි ගැනීමට හේතුවී ඇත්තේ රෝහලේ විදුලි පරිපථවල සිදුව ඇති දෝෂ සහගත තත්වයක් බව කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. 

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.    

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර ඇත.


(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

 


RECOMMEND POSTS