සෞදියේ රිය අනතුරින් 10ක් මරුට

දකුණු දිග සෞදි අරාබියේ පිහිටා ඇති අල්-රේන් අධිවේගි මාර්ගයේදි සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
පවුලේ සාමාජිකයින් අටදෙනෙකු රැගත් කාරයක් පුද්ගලයින් දෙදෙනෙකු රැගෙන පැමිණි කාර්යක් මුහුණට මුහුණ ගැටීම නිසා අනතුර සිදුව ඇත.
එක් කාර්යක් කන්ටෙනර් රථයක් ඉස්සර කිරීමට යෑමේදි ඉදිරියෙන් පැමිණි තවත් කාරයක් සමග ගැටුනු බව ඇසින් දුටු පුද්ගලයින් ප්රකාශ කල බව වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එකිනෙක ගැටීමෙන් අනතුරුව, ගින්නක් හටගෙන ඇති අතර ගින්නට අසුවී පිළිස්සීමෙන් සියළුම පුද්ගලයින් මියගිය බව වාර්තා වේ.
අනතුරු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සිරුරු පාශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සදහා රෝහලකට යවා ඇත.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් බුවත් ඇසුරෙනි)



