සෞදියේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ 46ක් අත්අඩංගුවට



සෞදියේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ ත්‍රස්ත ක්‍රියාකාරීන් 46 දෙනෙකු  එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (30) රාත්‍රියේ සෞදි ආරක්ෂක අංශ සිදු කළ හදිසි වැටලීමකින් පසුව මෙම ත්‍රස්ත ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

සෞදියේ මක්කම පිහිටා ඇති මදීනා නුවරත් , ජෙඩා නුවරදීත් ත්‍රස්ත ප්‍රහාරයන් සිදු කිරීමට මොවුන් සැලසුම් කර තිබූ බව සැකකරැවන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් 46 දෙනා ගෙන් 32 ක්ම සෞදි ජාතිකයින් වන අතර ඉතිරි 14 දෙනා පකිස්ථාන, යේමන, ඇෆ්ඝනිස්ථාන,ඊජිප්තු ,ජෝර්දාන් සහ සුඩාන ජාතිකයින් වන බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

තිළිණි දි සිල්වා


RECOMMEND POSTS