සෝමාලියාවේ හෝටලයකට ඉස්ලාමීය ත්‍රස්තයෝ කඩා වදිති



සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, ලිඩෝ වෙරළේ පිහිටි ‘පර්ල් බීච්’ හෝටලයට අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීහු පිරිසක් කඩා වැදුණාහ.

ගිනි අවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම හෝටලයේ සිටි සිවිල් වැසියන් පැය ගණනාවක් ප්‍රාණ ඇපයට ගත් අතර, සෝමාලි හමුදාව වහා ක්‍රියාත්මක වී හෝටලය වටලා ත්‍රස්තයන්ට පහර දෙන්න විය.

අවි ගැටුම්වලින් සිවිල් වැසියෝ 6 දෙනකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 10 කි. හමුදාව මැදිහත් වී හෝටලයේ සිටි 40 දෙනකු මුදා ගත්තේය. එම පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව පැවැසෙයි.

අල් ෂෙබාබ් යනු අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ සහාය ලබන ත්‍රස්ත කල්ලියකි. මොවුහු වසර 15 ක් තිස්සේ සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරති.


RECOMMEND POSTS