සොරකම් 12කට සම්බන්ධ සිරියානුවකු අත් අඩංගුවට
සොරකම් 12කට සම්බන්ධයයි කියන සිරියානු තරුණයකු ෆර්වානියා පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද බව අල් අන්බා දිනපතා පුවත්පත සඳහන් කරයි.
මෙම අත්අඩංගුවට ගැනීම කරන ලද්දේ ඉන්දියානු ජාතිකයකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මතය. තමා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියකු බව තරුණයා විසින් පවසන ලද බවද සැකකරු ගැන විස්තර කරමින් ඉන්දියානු ජාතිකයා පොලිසියට පවසා ඇත.
වහාම ක්රියාත්මක වූ පොලිසිය ෆර්වානියා ප්රදේශයටයට ගිය අතර එහිදී පොලීසිය දැකීමෙන් බියට පත්වූ තරුණයා පැන යන්නට උත්සාහ දරා ඇත. එහෙත් පොලීසිය ඔහු ලුහුබැඳගොස් අල්ලා ගෙන ඇත. පසුව ඔහු අදාළ බලධාරින් වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගත්තේය.

