සෙල්ෆි ගැසූ ජනාධිපති



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන එල් සැල්වදෝර් ජනාධිපති නයිබ් බුකේලේ සමුළුව ඇමැතීමට පෙර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු රැස්ව සිටි විදෙස් නායකයන්ගෙන් අවසර ලබා ගනිමින් සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය.

‘කවුරුත් මට මොහොමතක් සමාවෙලා සෙල්ෆියක් ගන්න ඉඩ දෙන්න. මගේ කතාව අහනවාට වඩා මම මේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වුණු ආකාරය පෙන්වන සෙල්ෆි ඡායාරූප හැමෝම නරඹාවි’ යැයි පවසමින් සිය අයිෆෝන් 11 වර්ගයේ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපය ගෙන එය ට්විටර් ඇතුළු සමාජජාලවලට එක් කරමින්  ජනාධිපති නයිබ් බුකේලේ සිය දේශනය ආරම්භ කළේය.

එල් සැල්වදෝර් යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. නයිබ් බුකේලේ ජනපති ධුරයට පත්වූයේ පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. බුක්ලේගේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතූ පළමු අවස්ථාව මෙය විය.

බුකේලේ එල් සැල්වදෝරයේ ජනාධිපති ධුරයට පත් වූයේ ට්විටර්, ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ රටවැසියන් අතරේ ප්‍රසිද්ධ චරිතයක් වෙමිනි. එල් සැල්වදෝරය යනු මිලියන 6.6 ක ජනගහනයක් වෙසෙන කුඩා රාජ්‍යයකි. මිලියන 1.1 ක පිරිසක් සමාජ ජාල ඔස්සේ බුකේලේ සමඟ සම්බන්ධ වී සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS