සෙබළු 5,400ක් යන්න සූදානම්

ඇමෙරිකාව සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතර ඇති කරගත් සාම සැලැස්ම සම්බන්ධ විශේෂ වාර්තාවක් ඇමෙරිකා විශේෂ නියෝජිත සැල්මේ කලීල්සාද් ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානිට ඉදිරිපත් කෙරුණි.

ඇමෙරිකන් විශේෂ නියෝජිත සැල්මේ කලීල්සාද්
එම සාම සැලැස්මට අනුව, තලේබාන් සංවිධානය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, ඇෆ්ගනිස්තානයේ රඳවනු ලැබ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් 5,400 ක පිරිසක්, ඉදිරි සති 20 ක කාලය ඇතුළත යළි ඇමෙරිකාව බලා යෑමට නියමිතය.
මෙම සාම සැලැස්ම සකස් කිරීම සිදුවූයේ ඇමෙරිකන් විශේෂ නියෝජිත සැල්මේ කලීල්සාද්ගේ මැදිහත් වීමෙනි. සැල්මේ කලීල්සාද් තලේබාන් අර්බුදය විසඳීම සඳහා පත් කරනු ලැබ ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසිනි.
(ඒ.එෆ්.පී.)

