සෙනෙට් මණ්ඩලයට නව පනත් කෙටුම්පත් රැසක්
නව පනත් කෙටුම්පත් කිහිපයක් හෙට (24) ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒවා සෙනෙට් මණ්ඩලය හමුවේ සම්මත වුවහොත්, ඇමෙරිකා රජය මුහුණ පා සිටින අර්බුදය අවසන් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකාව අර්බුදයකට මුහුණ පෑවේ, අයවැය සම්මත කර ගැනීමට නොහැකිවය. ජනාධිපති ට්‍රම්ප්, අයවැය ලේඛනය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය දෙසැම්බරයේදීය.
ජනාධිපති ට්‍රම්ප් විසින් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිරිකිරීමට යෝජනා කරනු ලැබූ ප්රාකාරයට අවශ්‍ය ඩොලර් බිලියන 5.6 ක මුදල ද ඊට ඇතුළත්ය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් පාක්ෂිකයන් සතුව නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවය. ට්‍රම්ප්ගේ දේශසීමා ප්රාකාරයට ඩිමොක්‍රටික්වරුන් විරෝධය දක්වන අතර අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී ඇත්තේ එහෙයිනි.
ඒ අනුව දින 30 ක් තිස්සේ ඇමෙරිකන් රජයෙන් කොටසක් අකර්මණ්‍ය වී ඇති අතර, ෆෙඩරල් (රාජ්‍ය) සේවක සේවිකාවන්ට වැටුප් ලබා දීමක් සිදුවන්නේ ද නැත. ඇමෙරිකා රජය මේ අයුරින් අර්බුදයකට ලක් වී මාසයක් තිස්සේ රජයෙන් අඩක් අකර්මණ්‍ය වූ පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ජනාධිපති ට්‍රම්ප් ඉදිකිරීමට සැලසුම් කළ දේශසීමා ප්‍රාකාරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය අවසන් කිරීමේ අරමුණින් ට්‍රම්ප් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අතරේ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්විණි.
එම සාකච්ඡා අසාර්ථක වූයේ, දේශසීමාවේ තාප්පයක් හෝ යකඩ වැටක් හෝ ඉදි කළ යුතු යැයි ජනාධිපති ට්‍රම්ප් දැඩි ස්ථාවරයක පසුවන නිසාය.
ඉකුත් සති අන්තයේ ජනාධිපතිවරයා කියා සිටියේ, දේශසීමා හරහා මෙක්සිකෝවේ සිට පැමිණි සංක්‍රමණිකයන් වෙනුවෙන් සහනයක් දීමට තමන් සූදානම් බවත්, තමන් එම සහනය ලබා දෙන්නේ නම්, තමා යෝජනා කළ තාප්පය සඳහා මුදල් වෙන් කිරීමට ඩිමොක්රටික් බහුතරයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගතයුතු බවත්ය. කෙසේ නමුත් ඩිමොක්රටික් බහුතර බලයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළේය.
වොෂින්ටනයේදීය
(ඒ.එෆ්.පී.)

