සූ කී හේග් නුවරට



මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සහ එරට හමුදා ප්‍රධානීන් නෙදර්ලන්තයේ හේග් නුවර බලා පිටත්ව ගියේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මියන්මාරයේ රකීන් පළාතේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කළැයි පැවැසෙන අපරාධ සම්බන්ධයෙන් හේග් නුවර ජාත්‍යන්තර අපරාධි අධිකරණ හමුවේ නඩුවක් විභාග කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් අවුන් සාන් සූ කී සහ හමුදා ප්‍රධානීන්ට චෝදනා එල්ල වී ඇති අතර, පිරිස හේග් නුවර බලා ගමන් ආරම්භ කළේ ඒ අනුවය.

 සූ කී සහ මියන්මාර රජයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙන්නේ ලබන දෙසැම්බර් 10 වැනිදා සිට 12 වැනිදා දක්වාය.

නායිපායිඬේව්හිදීය (රොයිටර්)

 


RECOMMEND POSTS