සූ කී ජාත්‍යන්තර අපරාධ අධිකරණයට



මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී, නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත වූවාය.

නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන අවුන් සාන් සූ කී ට අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවූයේ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසාය.

සූ කී සහ මියන්මාර රජයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ආරම්භ වූ නඩු විභාගය 12 වැනිදා තෙක් පැවැත්වෙයි. රකීන් පළාතේ ජීවත් වන මුස්ලිම් වැසියන් ඔවුන්ගේ පළාත වෙනුවෙන් ස්වයං පාලනයක් ඉල්ලයි. ඉස්ලාමීය අන්තවාදී කල්ලි මෙම මුස්ලිම්වරුන්ට සහාය දෙයි.

මියන්මාර හමුදාව මෙම සන්නද්ධ අන්තවාදීන් සමඟ සටන් වැදුණු අවස්ථාවේදී, ලක්ෂ 7 කට වැඩි රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් පිරිසක් පණ බේරා ගනිමින් බංග්ලාදේශයට පලා ගියහ. අද ඔවුහු බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල ජීවත් වෙති.

හේග් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS