සූ කී කරුණු පහදයි

රොයිටර්ස් පුවත් සේවයේ මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී ඊයේ කරුණු පැහැදිලි කිරීමක් කළාය.
අවුන් සාන් සූ කී කියා සිටියේ, එම මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම හරහා රටේ මාධ්‍ය නිදහසට කිසිදු බාධාවක් එල්ල නොවුණු බවය. රොයිටර්ස් පුවත් සේවයට සම්බන්ධ මියන්මාර ජාතික එම මාධ්‍යවේදීන් දෙදෙනාට පසුගිය දා සිරදඬුවම් නියන කෙරුණේ, රාජ්‍ය රහස් ලොවට හෙළි කළේ යැයි චෝදනාවලට වරදකරුවන් වීමෙනි.
මාධ්‍යවේදීන් දෙදෙනාට සිරදඬුවම් නියම කිරීම හරහා මියන්මාර මාධ්‍ය නිදහසට අතුල් පහරක් එල්ල වූ බවට අන්තර් ජාතික වශයෙන් මියන්මාරයට චෝදනා එල්ල විය. සූ කී කරුණු පැහැදිලි කළේ එම චෝදනා සම්බන්ධයෙනි.
වා ලෝන් සහ ක්යාව් සෝ ඕ නමැති මෙම මාධ්‍යවේදීන් මියන්මාර රජය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බරයේය. ඒ, මියන්මාරයේ සුළු ජාතික රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහිව ප්රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වූ අවස්ථාවේදීය.
වා ලෝන් සහ ක්යාව් සෝ ඕ දෙදෙනා රොයිටර්ස් පුවත් සේවය නියෝජනය කරමින්, රකීන් පළාතේ උතුරු දෙසින් පිහිටි ඉන් ඩින් නමැති ගම්මානයේ විමර්ශනයක් පවත්වා ඇත.
එහිදී මාධ්‍යවේදීන් දෙදෙනාට සාක්ෂි ලැබී ඇත්තේ මියන්මාර හමුදාව රොහින්ග්‍යා වැසියන් 10 දෙනකු මියන්මාර හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ බවටය. එම පුවත ප්‍රසිද්ධ වීමත් සමඟ මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගැණින.
එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, රට අපකීර්තියට පත් කිරීමට එම පුවත හේතුවුණු බවත්, මාධ්‍යවේදීන් දෙදෙනා අධිකරණයට යොමු කළ අවස්ථාවේදී විනිසුරුවරයා තීන්දු කළේය.
(ඒ.එෆ්.පී.)

