සූමාට එරෙහි නඩුව ඇරැඹේ

මූල්‍ය වංචා සහ දූෂණ චෝදනා එල්ල වී සිටින දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා, ඩර්බන් නුවර අධිකරණයක් හමුවේ පෙනී සිටීමට සිදුවිය.
සූමාට චෝදනා 16 ක් එල්ල වී ඇතැයි පැවැසෙයි. ඊයේ දිනයේ නඩු විභාගය පැවැත්වූයේ ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක ආයුද ගනුදෙනුවක් මුල්කොට ගනිමින් එල්ලවුණු මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙනි. ආයුද ගනුදෙනුව සිදුවූයේ 1990 දශකයේය.
දකුණු අප්‍රිකාවේ අසහාය නායකයකු ලෙස කලක් වැජඹුණු සූමාට ජනාධිපති ධුරය අහිමි වූයේ මෙම චෝදනා මුල්කොට ගනිමිනි. කෙසේ නමුත් සූමා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
(ඒ.එෆ්.පී.)

