සුවවිරුවන්ට ’ටයිම්’ සඟරාවේ ප්‍රණාමය



ඇමෙරිකාවේ ‘ටයිම්’ සඟරාව, ‘වසරේ පුද්ගලයා’ ලෙස මෙවර ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හෙදියන්, වෛද්‍යවරුන් ආදී සියලුම දෙනා නම් කර ඇත.

‘ටයිම්’ සඟරාව, සෑම වසරකට ලොවට වැඩදායී කැපී පෙනෙන පුද්ගලයකු ‘වසරේ පුද්ගලයා’ ලෙස තෝරන අතර, ටයිම් සඟරාවේ කවරය හැඩවන්නේ ද එම පුද්ගලයාගේ රුවෙනි.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය සැලකිල්ලට ගනිමින්, දිවි පරදුවට තබා සේවය ලබා දෙන, ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම දෙනා පොදුවේ ‘වසරේ පුද්ගලයා’ ලෙස නම් කිරීම සිදුවී ඇත්තේ ඒ සඳහා මිලියන 8 දෙනකුගේ ඡන්දය ලැබීම නිසා යැයි ‘ටයිම්’ සඟරාව කියයි.

නිව්යෝක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS