සුමත්‍රා බන්ධනාගාරයකින් රැඳෙවියෝ 115 ක් පැනයති



ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බන්ධනාගාරයකින් රැඳෙවියන් 115 දෙනකු පලා ගොස් ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
පලා ගොස් ඇත්තේ, සියයික් දිස්ත්‍රික්කයේ පිහිටි බන්ධනාගාරයෙනි. පලා යෑම සිදුවී ඇත්තේ ඊයේ (10) අලුයමය.

ඊයේ රාත්‍රියේ බන්ධනාගාරය තුළ දෙපාර්ශ්වයක් අතර ගැටුමක් හටගෙන තිබේ. නියාමකවරුන්ට එය මැඩපැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. රැඳෙවියන් පලා ගොස් ඇත්තේ මෙම ගැටුම අතරතුරේදීය.

පලා ගිය රැඳෙවියන්ගෙන් වැඩි දෙනකු ඊයේ සවස් වෙද්දී අල්ලා ගැනීමට හැකිවුණු බව ඉන්දුනීසියානු පොලිසිය නිවේදනය කළේය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS