සුපිරි පෘථිවියක්



අප සෞරග්‍රහ මණ්ඩලයට නුදුරින් තාරකා මණ්ඩලයක පිහිටි නව ග්‍රහලෝක 15 සොයා ගැනීමට ජපන් තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

ග්‍රහලෝක 15 අතර, ජලය ඇතැයි සැක කෙරෙන ග්‍රහලොවක් ද ඇති බවත්, එම ග්‍රහලෝකය පෘථිවියට හා සමාන පෘථිවියට වඩා ප්‍රමාණයෙන් විශාල බවත් පැවැසෙයි.

‘කේ2 155’ යන නමින් මෙම ග්‍රහලොව නම් කළේ යැයි එය සොයා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ජපන් විද්‍යාඥ ටෙරුයුකී හිරානෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.

මෙම ග්‍රහලෝක 15 ඇත්තේ රතු වාමනයකු සිටින ග්‍රහ මණ්ඩලයක යැයි ද වාර්කා වේ. රතු වාමනයා යනු සිසිල් වුණු තරුවකි. ග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 200 කට වැඩි දුරකින් යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS