සුපිරි දිවා භෝජනය

ට්රම්ප් - කිම් ජොන් උන් නියෝජිත පිරිස අතර සාකච්ඡා සිංගප්පූරු වේලාවෙන් දහවල් 12 පමණ වනතුරු පැවැත්විණි. ඉන්පසු, ට්රම්ප් සහ කිම් ජොන් උන් පමණක් නොව, නියෝජිත පිරිස ද එක්වී දවල් ආහාරය ගත්හ.
උතුරු කොරියා නායකයා හමුවීමට පෙර ට්රම්ප් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. ට්රම්ප් සහ කිම් ජොන් උන්ගේ හමුව සාර්ථක වෙන්නැයි එහිදී දකුණු කොරියා ජනාධිපතිවරයා එකසිතින් ප්රාර්ථනාවක් ද කළේය.

ඇමෙරිකා ජනාධිපති ට්රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇතුළු නියෝජිත පිරිස වෙනුවෙන් සිංගප්පූරු රජයේ මැදිහත් වීමෙන් සුවිශේෂී දිවා භෝජන සංග්රහයක් ඉදිරිපත් කර තිබුණි. ප්රධාන මෙනුවට ඉස්සන්, පිපිඤ්ඤා ව්යංජනයක්, බදපු ඌරු මස්, හරක් මස්, පිසින ලද අඹවලින් සකස් කළ ආහාරයක්,සහ මිරිස් සෝස් ද සමඟ යැංග්සූ ෆ්රයිඞ් රයිස් පිළියෙළ කර තිබුණි.

ඊට අමතරව, අතුරුපස වෙනුවෙන් විශේෂයෙන් පිළියෙළ කළ වැනිලා අයිස් ක්රීම් ඉදිරිපත් කර තිබුණි. කිම් ජොන් උන් චීස් කෑමට රුසියකු ලෙස ප්රකටය. කෙසේ නමුත් දිවා භෝජනයට චීස් ඇතුළත් වූයේ නැත.

(ඩේලිමේල්)

