සුනාමියෙන් මියගිය ගණන 220 ක්



ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් මුහුදු පතුලේ සිදුවුණු නායයෑමක් නිසා ඉන්දුනීසියාවට කඩා වැදුණු සුනාමියෙන් මියගිය ගණන මේ වනවිට 220 ක් බවත් එය තවත් ඉහළ යෑමට ඉඩ ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සුනාමිය නිසා අතුරුදන් වූවන්ගේ ගණන 28 කි. තුවාල ලැබූ 843 දෙනකුට ප්‍රතිකාර ලබා දුන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සුනාමිය හටගත්තේ භූමි කම්පාවක් නිසා නොව, මුහුදු පතුලේ සිදුවුණු නායයෑමක් නිසා හේතුවෙන් ඒ ගැන කල්තියා අනතුරු ඇඟවීමක් කළ නොහැකි විය.

සුනාමිය කඩා වැදුණේ සුන්ඩා සමුද්‍ර සන්ධියටය. මීටර් ගණනාවක් උස සුනාමි රළ මීටර් 20 ක් රට තුළට ගමන් කර ඇතැයි ඉන්දුනීසියා පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS