සුඩානයේ හමුදා කුමන්ත්රණයක්

දකුණු අප්රිකාවට අයත් සුඩානයේ ජනාධිපති ඕමාර් අල් බෂීර්ට එරෙහිව නැගුණු ජනතා විරෝධතා උත්සන්න වී ඇති බවත්, සුඩාන හමුදාව ජනපති බෂීර්ට එරෙහි හමුදා කුමන්ත්රණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
රාජ්ය ගුවන් විදුලිය මේ වනවිට හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බව ද පැවැසෙයි. හමුදා ප්රධානීන් ජනාධිපති බෂීර් හමුවී ඔහුට ධුරයෙන් ඉවත් වන්නැයි බල කර ඇති බව ද වාර්තා වේ.
ඕමාර් අල් බෂීර් සුඩානයේ ජනාධිපති ධුරය හොබවන්නේ 1989 වසරේ සිටය. සුඩාන සිවිල් අරගලයේදි යුද අපරාධ කළැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය ඕමාර් අල් බෂීර් ට චෝදනා එල්ල කර ඇත.
(රොයිටර්ස්)

