සී.අයි.ඒ. මුල් පුටුවට කාන්තාවක්

ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ ප්රධානියා ලෙස පළමු වරට කාන්තාවක පත් වෙයි. ඇය ජීනා හැස්පල් ය.
ට්රම්ප් විසින් එම තනතුර සඳහා හැස්පල් නම් කර තිබුණි. ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඇයට හිමිවිය. ඒ අනුව, ඇමෙරිකන් ඉතිහාසයේ පළමු වරට එරට බුද්ධි අංශ ප්රධානියා වන්නේ කාන්තාවකි.
ජීනා හැස්පල් ඉතා දක්ෂ මෙන්ම පළපුරුදු සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරිනියකි. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට අල් කයිඩා ත්රස්ත ප්රහාරය එල්ල වීමෙන් පසු, අල්ලා ගන්නා සැකකරුවන් අමානුෂික ලෙස වධ බන්ධනයන්ට ලක් කර තොරතුරු සොයා ගැනීමේ වැඩසටහන් කිහිපයක් මෙහෙයවීම කළේ ද ජීනාගේ මැදිහත්වීමෙනි.
(ඒ.එෆ්.පී.)

