සිරියාව රසායනික අවි භාවිත කළැයි තහවුරු වෙයි

සිරියාවේ උතුරුකරයට පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 04) එල්ලවූ ප්‍රහාරය සඳහා රසායනික අවි භාවිතකර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි තුර්කිය පවසයි.
සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් ගේ හමුදාව මෙම ප්‍රහාරයට වගකිය යුතු බව තුර්කියේ අධිකරණ අමාත්‍ය බැකියර් බොස්ඩා කියා සිටියේය
සිරියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර රුසියාව පවසා තිබුණේ කැරලිකරුවන් විසින් තනන ලද අවි ගබඩාවකට ගුවනින් පහර දීමේදී එහි තිබූ රසායනික අවිවලින් මාරාන්තික විෂ වායුවක් පිටවී ඇති බවය
( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි...

