සිරියාවට පහර දෙන්නැයි ට්‍රම්ප්ට බලකර තියෙන්නේ දියණිය ඉවන්කා



සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා, එරට සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ‘සෙරීන්’ විස වායු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු, සිරියානු රජයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළ යුතු යැයි ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට බලකර ඇත්තේ දියණිය මෙන්ම උපදේශිකාවක ලෙස ද කටයුතු කරන ඉවන්කා යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

විස වායු ප්‍රහාරයට ලක් වී තුවාල ලැබූ සහ පණ අදින සිරියානු සිවිල් වැසියන් රූපවාහිනී පුවත් සේවා ඔස්සේ දකින්න ලැබීමෙන් ඉවන්කා දැඩි ලෙස කම්පනයට පත්වුණු බවත්, සිරියානු රජය කළ එම අමානුෂික ක්‍රිහයාවට එරෙහිව කඩිනමින් පියවරක් ගත යුතු බවත් ඇය ජනපති ට්‍රම්ප්ට පවසා ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව, ජනපති ට්‍රම්ප් ආරක්ෂක ප්‍රධානීන් ද සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා, සිරියානු රජයේ හමුදා එම විස වායු ප්‍රහාරය එල්ල කිරීමට යොදා ගත් ගුවන් කඳවුර පහර දී විනාශ කර දැමුවේ යැයි ද වාර්තා වේ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS