සිරියානු සෙබළු ගම්මාන 4 ක් මුදා ගනිති



සිරියාවේ ඇලෙප්පෝ නුවරට නැගෙනහිරින් පිහිටි ගම්මාන 4 ක් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට අයත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදායට හැකිවුණැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර ඇත.

මේ වනවිට සිරියාවේ සටන් විරාමයක් පැවැත්වෙයි. එය හඳුන්වා දෙනු ලැබුවේ රුසියාව සහ තුර්කිය එක්වෙමිනි. එම සටන් විරාමය මැද ත්‍රස්තයන් බොහොමයක් ඔවුන් විසින් අල්ලා ගනු ලැබ සිටි නගර සහ ගම්මාන අතහැර පලා ගොස් ඇතැයි ද වාර්තාවේ.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS