සිරියානු සාම කතා ජිනීවා නුවරදී

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන සිරියානු සාම කතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් සාම කතා පැවැත්නෙන්නේ 6 වැනි වරටය. සිරියාවේ අර්බුදය අවසන් කරමින්, දේශපාලනමය විසඳුමක් ලබා දීම මෙම සාම සමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇත.
සිරියානු රජයේ නියෝජිතයන් සහ විපක්ෂ කැරැලිකරුවන් නියෝජනය කරන නියෝජිත කණ්ඩායම් සමුළුවට සහභාගී වෙයි. එක්සත් ජාතීන්ගේ සිරියානු විශේෂ තානාපති ස්ටෙෆාන් දෙ මිස්ටූරා ද සමුළුවට එක් වෙයි.
සිරියාව සම්බන්ධයෙන්, එරටට සාමය උදා කර දීමේ අරමුණින් තවත් සාම සමුළුවක් පැවැත්වෙයි. ඒ, කසක්ස්ථානයේ අස්තානා නුවරය. එම සමුළුව පැවැත්වෙන්නේ රුසියාවේ සහ තුර්කියේ මැදිහත් වීමෙනි.
අස්තානා සමුළු 4 ක් මේ වනවිට පවත්වා ඇති අතර එක්සත් ජාතීන්ගේ සාම සමුළුවට වඩා මෙම අස්තානා සමුළුව සාර්ථක වී ඇතැයි ද වාර්තා වේ.
(ප්‍රෙස් ටීවී)

