සිරවූ සිසුන් ආපසු ගෙන්වා දෙන්න



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන්, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කොටුවී සිටින තම දරු දැරියන් ආපසු ගෙන්වා දෙන්නැයි එම දරුවන්ගේ මාපියන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලා ඇත.

දරු දැරියන් ආපසු ගෙන්වා දෙන්නැයි ආයාචනා කරමින්, දරු දැරියන්ගේ මාපියන් ඊයේ (16) ඉස්ලාමාබාද් අගනුවර මධ්‍යයට රැස් වී සිටියේ, ‘අපේ දරුවන් ආපසු ගෙන්වා දෙන්න’, ‘අපේ දරුවන්ට මැරෙන්න දෙන්න එපා’ යැයි පුවරු ද අතැතිවය.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වූ මාරක වයිරසයයි. වූහාන් යනු අධ්‍යාපන කේන්ද්‍රස්ථානයකි. ආසියානු රටවල සිසු සිසුවියන් බොහෝ පිරිසක් වූහාන් නුවර විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරති.

වයිරසය ඉතා වේගයෙන් පැතිරීම හේතුවෙන් වූහාන් නගරය සීල් තැබීමට චීන රජය පියවර ගත්තේය. එසේ සීල් තැබුණු අවස්ථාවේ, ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව වූහාන් නගරයේ කොටුවුණු දරු දැරියන් මුදා ගැනීමට විශේෂිත ගුවන් යානා යැවීම සිදු කළේය. නේපාලය පවා වූහාන් නුවර සිරවුණු සිසුන් 175 දෙනකු විශේෂ ගුවන් යානයක් යවා ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත් බව වාර්තා වේ.

වූහාන් නුවර කොටුවුණු දරු දැරියන් මුදා ගැනීමට ගුවන් යානා යවනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කිසිවක් පවසා ඇත. පාකිස්තාය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත්තේ, එරට ප්‍රධාන ගුවන්තොටුපොළවල වයිරස රෝගීන් හඳුනා ගැනීමට පවා ආරක්ෂක උපාංග කිසිවක් නොමැති බවය.

ඉස්ලාමාබාද් නුවරදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS