සිරවුණු පොඞ්ඩෙක් උපන් දිනය සමරලා



තායිලන්ත ලෙන් පද්ධතියේ සිරවුණු යොවුන් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාගෙන් එක් දරුවකු පසුගිය 3 වැනිදා අඳුරු ලෙන තුළ සිට සිය 14 වැනි උපන් දිනය සැමරුවේය.

14 වැනි උපන් දිනය සැමරුවේ පා පන්දු කණ්ඩායමේ ‘ඩොම්’ යනුවෙන් කවුරුත් ආදරයෙන් අමතන පොඞ්ඩා ය. ඔහුගේ මව සහ පියා ලෙන පිටත රැඳී සිටින අතර, මව පවසා ඇත්තේ තම පුතා බොහොම නිර්භීත අයකු බවය.

මේ අතර, තමන් යහතින් සිටින බවත් දුක්වෙන්න එපා යනුවෙනුත් දන්වමින්, දරුවන් 12 දෙනා ලිපි ලියමින්, කිමිදුම්කරුවන් අතේ ඒවා ඔවුන්ගේ මාපියන් වෙත එවා ඇති බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS