සිරකරුවෝ 2,140 කට සමාව



අපි‍්‍රකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ සිරකරුවන් 2,140 කට එරට රජය විසින් සමාව දී නිදහස් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

නිදහස ලැබූවන් අතරේ එරට විපක්ෂ නායිකා වික්ටොයිරේ ඉන්ගාබීරි ද සිටින බව පැවැසෙයි. සිරකරුවන්ට මෙම විශේෂ සමාව  හිමිවී ඇත්තේ රුවන්ඩා ජනාධිපතිවරයාගෙනි.

වික්ටොයිරේ ඉන්ගාබීරි නායකත්වය දෙන්නේ රුවන්ඩාවේ ‘එෆ්.ඞී.යූ. ඉන්කින්ගි’ දේශපාලන පක්ෂයටය. වික්ටොයිරේ ඉන්ගාබීරි වස් වසරක සිරදඬුවමක් විඳිමින් සිටියාය. ඒ, රජයට එරෙහිව කුමන්ත‍්‍රණය කිරීම සහ සමූල ඝාතන සඳහා ජනතාව උසි ගැන්වීම යන චෝදනා සම්බන්ධයෙනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS