සිඞ්නි නුවරට මහ වැසි

ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවරට ඇද හැලූණු මහ වැසි හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
ඕස්ටේ්රලියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සාමාන්‍ය මාසික වර්ෂාවතනයක් ගතවුණු දෙදින වාර්තා වූ බවය. අධික වර්ෂාව හේතුවෙන් නගරයේ පළාත් රැුසක් ජලයෙන් යටවිය.
සිදුවුණු රිය අනතුරුවලින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. ජල ගැලීම්වලට මැදිවී වාහනවල කොටුවුණු 11 දෙනකු බේරා ගැනීමට බලධාරීහු පියවර ගත්හ.
දුම්රය ගමන් පමණක් නොව, ගුවන් ගමන් ද අවලංගු කිරීමට සිදුවුණු අතර දස දහස් ගණනක් දෙනා එයින් පීඩාවට පත්වුණු බව ද වාර්තා වේ. ඊට අමතර විදුලිය වසංධි වුණු බවත් නිවාස දහස් ගණනක විදුලි බලය තවමත් ලැබී නොමැති බවත් ඕස්ටේ්රලියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
(ඒ.එෆ්.පී.)

