සාහිත්‍ය සඳහා නොබෙල් තෑගි දෙයි

පෝලන්තයේ ඔල්ගා ටොකාචුක් සහ ඔස්ට්‍රියාවේ පීටර් හන්ඞ්ක් දෙදෙනාට මෙවර සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගයෙන් හිමිවිය.
මෙවර සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග දෙකක් පිරිනැමීම සිදුවූයේ පසුගිය 2018 දී සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග පිරිනැමීමක් සිදුනොවුණු බැවිනි.
ඒ අනුව ඔල්ගා ටොකාචුක් සහ පීටර් හන්ඞ්ක් සඳහා ත්‍යාග ප්රදානය සිදුවිය. ඔල්ගා ටොකාචුක් පසුගිය වසරේදී ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.
76 හැවිරිදි නාට්‍ය රචකයකු වන පීටර් හන්ඞ්ක් මානව අත්දැකීම් සම්බන්ධයෙන් දක්වන ලද විශේෂත්වය සහ විශිෂ්ටත්වය සැලකිල්ලට ගනිමින්, ඔහුගේ භාෂාමය කෞෂල්‍යය ඇගයීමට ලක් කරමින් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඔහුට පිරිනැමෙන බව ස්වීඩන ඇකඩමිය පැහැදිලි කර තිබේ.
කෙසේ නමුත් යුගොස්ලෝවියා යුද සමයේ දී සර්බියානුවන්ට සහාය දැක්වීම නිසා හන්ඞ්ක් 1990 දී මතභේදාත්මක චරිතයක් බවට පත්විය. හන්ඞ්ක් ට නොබෙල් ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් ද හටගත්තේය.
ඔල්ගා ටොකාචුක් සහ පීටර් හන්ඞ්ක් දෙදෙනාට ස්වීඩන ක්‍රෝනර් මිලියන නවය (යූරෝ 738,000කි) බැගින් ත්‍යාග මුදලක්, පදක්කම් සහ විශේෂිත අධිකාර පත්‍රය හිමිවෙයි.
57 වැනි වියේ පසුවන ඔල්ගා ටොකාචුක් සැලකෙන්නේ පෝලන්තයේ ඇගේ පරම්පරාවේ ප්‍රමුඛතම ගත්කතුවරිය ලෙසය. පෝලන්තයේ දක්ෂිණාංශික ආණ්ඩුව ද විවේචනය කරන්නියක ලෙස ඔල්ගා ප්රකටය. ඔල්ගා නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ 15 වැනි කාන්තාව ද වන්නීය. ඉතිහාසයේ මේ දක්වා කාලයේදී 116 දෙනකුට නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනමා ඇත.
මේ වසරේදී නොබෙල් ත්‍යාග දෙකක් පිරිනැමීම සිදුවූයේ ලිංගික අපචාර සිදුවීමක් මුල් කරගනිමින් පසුගිය වසරේ සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගලාභීන් කවුදැයි ප්‍රකාශයට පත් නොකෙරුණු නිසාය. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීම සිදු කරන ස්වීඩන ඇකඩමිය ආරම්භ කරන ලද්දේ 1786 වසරේදීය.
ස්වීඩනයේ සංස්කෘතියේ රැකවලුන් වන ස්වීඩන ඇකඩමිය මේ වනවිට සිය කීර්තිනාමය නැවත ගොඩනගා ගැනීමේ වේදනාකාරී අර්බුදයකට මුහුණ දී සිටි. පසුගිය වසරේ සිදු වූ ලිංගික අපචාර සිදුවීම්, බැඳියාවන්ගේ ගැටුම්, කූඨ උපාය යනාදිය ඇකඩමියේ සාමාජිකයන් 18 ඒවා සම්බන්ධයෙන් අනුගමනය නිහඬ ප්‍රතිපත්තිය නිසා අර්බුද ගණනාවක් මතුවිය. ඒ නිසාම 2018 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීම මේ වසර දක්වා කල් දැමීමට සිදුවිය. වසර 70 කට පසු එවැනි ප්‍රමාද කිරීමක් සිදු වූ පළමු අවස්ථාව එය විය.
හර්ෂණ තුෂාර සිල්වා
(ඒ.එෆ්.පී. ඇසුරිනි)

