සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරාවි



දැනට නිෂ්පාදනය කර ඇති ‘කොවිඩ්-19’ එන්නත් බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන වයිරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථකව ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ යැයි යැයි ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය යෙන් ස්පාන් පැවැසීය.

යුරෝපා සංගමයේ විශේෂඥයන් මෙම නව වයිරස ප්‍රභේදය අධ්‍යයනය කරමින් සිටින බව ද හෙතෙම කීය.

‘‘අපි දැනට දන්න කරුණු අනුව මේ නව ප්‍රභේදයෙන් එන්නත්වලට බලපෑමක් නැහැ. ඒ නිසා ඒවායේ සාර්ථකත්වය දිගටම තිබෙනවා. ඊට බලපෑමක් නැහැ. මේ වනවිට යුරෝපීය බලධාරීන් සහ විශේෂඥයන් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් ඉන්නවා’’ යැයි ඉසෙඩ්.ඩී.එෆ් රූපවාහිනි සේවය වෙත් අදහස් දක්වමින් ජර්මානු සෞඛ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

රොයිටර්


RECOMMEND POSTS