සාම සාකච්ඡා ගැන බලාපොරොත්තුවක්

රුසියාව සමඟ සාම සාකච්ඡා පැවැත්විය හැකි වේලාවක් සහ ස්ථානයක් පිළිබඳ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීසාකච්ඡා කරමින් සිටිනවා යැයි වාර්තා වේ.
රුසියාව ද යුක්රේනයට පවසා ඇත්තේ අවි බිම දමා යටත් වී සාකච්චා සඳහා පැමිණෙන ලෙසය. කෙසේ නමුත් අවි බිම දැමීමට තමන් කිසිසේත් සූදානම් නැතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා තිබේ.
සාම සාකච්ඡා පැවැත්වෙන්නේ නම් එය සිදුවිය යුත්තේ බෙලරූසයේ යැයි රුසියාව පවසා තිබේ. බෙලරූසය රුසියන් හිතවාදී යුක්රේනයේ අසල්වැසියෙකි.
යුක්රේන ජනපති පවසා ඇත්තේ සාම සාකච්ඡා පෝලන්තයේ පැවැතිවිය යුතු බවය. පෝලන්තය ද යුක්රේනයේ අසල්වැසියකු වන අතර නේටෝ සාමාජික රාජ්‍යයකි.
(රොයිටර්)

