සාමකතා බෙලරූස් දේශසීමාවේ



යුක්රේනයේ තවත් අසල්වැසියකු මෙන්ම රුසියානු හිතවාදියකු ද වන බෙලරූස් රාජ්‍යයේ, යුක්රේන බෙලරූස් දේශසීමාවේ යුක්රේන රජයේ නියෝජිතයන් සහ රුසියන් රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

එසේ සාකච්ඡා පැවැත්වෙද්දී පවා රුසියන් හමුදා යුක්රේනයේ කියේව් අගනුවර ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව යුක්රේන රජය පවසයි.

සාම කතා අතරතුරේ යුක්රේන නියෝජිතයන් සටන් විරාමයක් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

යුක්රේන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, මේ වනවිට රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය යුක්රේන වැසියන් ගණන 352 කි. ඒ අතරේ කුඩා දරුවෝ 14 දෙනෙක් ද වෙති. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS