සාකච්ඡා 29 වැනිදා



උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ද්වී පාර්ශ්වීය සාකච්ඡා එලැඹෙන 29 වැනිදා සිට ආරම්භ වනු ඇතැයි වාර්තා වේ.

සාකච්ඡා පැවැත්වෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ ප්‍රධානත්වයෙන් ලබන මාසයේ පැවැත්වීමට නියමිත ‘කොරියානු සමුළුව’ ට පෙරමඟ සකස් කිරීමක් ලෙසය.

29 වැනිදා සාකච්ඡා පැවැත්වෙනු ඇත්තේ සාමය වෙනුවෙන් පිහිටුවූ උතුරු කොරියානු සාම කමිටුවේ ප්‍රධානී රී සොන් ග්වොන්ගේ ප්‍රධානත්වයෙනි.

උතුරු කොරියානු නායක නිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර මුහුණට මුහුණ හමුවන්නේ ඉන් පසුව යැයි ද වාර්තා වේ. ඒ, මැයි මාසයේ දිනෙකය.

(රොයිටර්)


RECOMMEND POSTS